අප ජීවත් වන්නේ දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙනීම අත්‍යවශ්‍ය ලෝකයක ය. වෘත්තීය වර්ධනය සඳහා පමණක් නොව, දෙවන භාෂාවක් නව සංස්කෘතියක් දැන හඳුනා ගැනීමේ හැකියාව ගෙන එයි. කෙසේ වෙතත්, ඉංග්‍රීසි ඉගෙනීම යනු ඔබේ භාෂාවට වචන පරිවර්තනය කිරීම කටපාඩම් කිරීම පමණක් නොවේ. භාෂා ව්‍යුහය පිළිබඳ පූර්ණ අවබෝධයක් මෙයින් ගම්‍ය වේ. භාෂාව සැමවිටම මුල් බැස ඇත්තේ එය එන සංස්කෘතිය තුළ ය. එමනිසා, නව සංස්කෘතිය පිළිබඳ නිශ්චිත නිර්ණායක හා සිතුවිලි අනුගමනය නොකර ඉංග්‍රීසි ඉගෙනීමට ඔබට හැකියාවක් නැත.
ශිෂ්‍යයෙකු ලෙස ඉංග්‍රීසි ඉගෙනීම ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිවැරදි තොරතුරු තිබීම ඉතා වැදගත් වේ. භාෂාව අර්ධ වශයෙන් තේරුම් ගැනීම සහ චතුර ලෙස කතා කිරීම අතර විශාල වෙනසක් ඇත. ඔබට චතුරත්වයක් ලබා ගැනීමට අවශ්‍ය නමුත් ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි නොදන්නේ නම්, මෙම ලිපිය ඔබ වෙනුවෙන් වේ. අපි ඉංග්‍රීසි ඉගෙනීම ආරම්භ කිරීම සඳහා පියවර පහක් ඉදිරිපත් කරන්නෙමු.
ඔබ වටා සිටින පුද්ගලයන් සමග සන්නිවේදනය කිරීමේ ප්‍රධාන මාධ්‍යය භාෂාවයි. ඔබේ සිතුවිලි සහ පැතුම් ප්‍රකාෂ කිරීමට ඇති එකම ක්‍රමය භාෂාවයි.
ඔබේ ජීවිතයේ සෑම දිනකම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔබ අසන සහ ඔබ කියවන දේ තේරුම් ගැනීමට ඔබට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ. එසේනම් මෙම වෙබ් පිටුව ඔබ සඳහාමයි.
බොහෝ ඉංග්‍රීසි කතා කරන පුද්ගලයන් සිතන්නේ ඔවුන් නිවැරදිව හොඳින් භාශාව හසුරුවන බවයි. ඔවුන් එය පාසලේදී ඉගෙන ගෙන තිබේ, තවත් අය තවමත් ඉගෙන ගනිමින් සිටියි. නමුත් තවමත් බොහෝ දෙනෙක් එකම ව්‍යාකරණ දෝෂ වැරදි අක්ෂර වින්‍යාශ භාවිත කරමින් සිටියි.එකම දේ වරින් වර ඉගෙන ගැනීමට කම්මැලි වීම නිසා මොවුන් මෙම වැරදි නිවැරදි කරගැනීමට උත්සාහ නොකරයි.
වචන සමඟ නිපුණතාවය, වාක්‍ය ඉදිකිරීමේ දක්ෂතාවය සහ ඔබේ වචන මාලාවේ ප්‍රමාණය හා වර්ණය පැමිණෙන්නේ අමතර පුහුනුවීම සමග පමණි. ඒ සඳහා මෙම පිටුව ඔබට අවශ්‍ය දැනුම ලබා දෙයි.
මෙම වෙබ් පිටුව පරිශීලනය තුලින් ඔබට ඉංග්‍රීසි කතා කිරීමේදී සහ ලිවීමේදී චතුර ලෙස සහ ඉතා නිවැරදි ලෙස ඉංග්‍රීසි භාවිතා කිරීමට හැකිවේ. ඔබට තනිවම විරාම ලකුණු යෙදීම වාක්‍ය සෑදීම නිවැරදි වචන උච්චාරණය කළ හැකිය. ඔබ කියවන දේ පිළිබඳ ඔබටම අගය කිරීමට හැකිවනු ඇත.
විදේශිකයන් බොහෝ විට ඉංග්රීසි ඉගෙන ගැනීමට ඉතා අසීරු බව කියති.
දැන් ඔබට එය එසේ නොවනු ඇත. ඔබ චතුර ලෙස ඉංග්‍රීසි භාවිතා කිරීමට පියවරෙන් පියවර ලඟාවනු ඇත.
